ජුලි 09 වෙනිදා මහරගමදී අරගලකරුවන් සමඟ එක්වූ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබේ.
අද අලුයම් කාලයේ දී ගාලු මුවදොර අරගල භූමියේ රැඳී සිටිය දී මෙම පොලිස් නිලධාරියාව කොටුව පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම නිලධාරියා කොස්තාපල්වරයෙක් වන අතර ඔහු පොලිස් ප්‍රවාහන කොට්ඨාශයට අනුයුක්තව සේවයේ නිරතව සිටි අයෙකි.
කොටුව පොලීසියේ උසස් නිලධාරියෙක් සඳහන් කළේ පාවහන් පැළඳ නිල ඇඳුමින් මෙම නිලධාරියා සැකකටයුතු ලෙස එහි රැඳී සිටීම නිසා අත්අඩංගුවට ගත් බවය.
අනතුරුව පොලිස් ඇප මත ඔහු මුදා හැර ඇති අතර ඔහු සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විනයානුකූල පියවර ගැනීමට නියමිතය.