අරගලකාරුවෝ කියන්නේ අපි ම තමයි…! එතන ඉන්නේ අපේ පක්ෂෙ සහෝදරවරු…! – අනුර…

July 12, 2022 at 2:35 pm | by emanisa.lk

අරගලකරුවන් යනු තමන් ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ තරුණ සංගමය, ශිෂ්‍ය සංගමය සහ කලා සංගමය යනාදී පිරිසක් බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පවසයි.

මාධ්‍ය විසින් අරගලකරුවන්ගේ ඉල්ලීම්වලට ඇහුම්කන් දීමට සූදානම් දැයි විමසූ අවස්ථාවේ ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“අනිවාර්යයෙන්ම …. අරගලකරුවෝ කියන්නෙ කවුද ? අපේ සමාජවාදී තරුණ සංගමය, අපේ ශිෂ්‍ය සංගමය, අපේ කලා සංගමය, අපි … අපි අරගලකරුවො නෙවෙයිද ?”

අනුර කුමාර දිසානායක මේ බව පැවසුවේ ඊයේ (11) පාඨලී චම්පික රණවකගේ නායකත්වය දරන 43 වැනි සේනාංකය සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *