අරගලකරුවන් අල්ලාගත් මන්දිරවල පෞරාණික භාණ්ඩ 1000ක් හොරකම් කරලා…!

July 23, 2022 at 12:21 pm | by emanisa.lk

අරගලකරුවන් විසින් අත්පත් කරගනු ලැබූ ජනාධිපති මන්දිරය අරලියගහ මන්දිරය ඇතුළු ස්ථානවලින් පෞරාණික වටිනාකම් ඇති භාණ්ඩ ඇතුළු විශේෂිත භාණ්ඩ 1000 කට ආසන්න සංඛ්‍යාවක් අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.

ඒ භාණ්ඩ සොයාගැනීම සඳහා විශේෂ විමර්ශන අරඹා ඇතැයි පොලිස් ආරංචිමාර්ගවලින් පැවසේ.

ඇතැම් පුද්ගලයන් මේ ස්ථානවල පෞරාණික භාණ්ඩවල යම් යම් කොටස් ගලවා සඟවා ගෙන රැගෙන ගොස් ඇති බවට විමර්ශන කණ්ඩායම්වලට තොරතුරු අනාවරණය වී ඇත

මේ අතර ජනාධිපති මන්දිරය පෞරාණික ස්ථානයක් ලෙස ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබුණ ද එහි පුරාවස්තු පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව නිශ්චිත වාර්තාගත තොරතුරු කිසිවක් නැතැයි වාර්තා වේ.

ජනාධිපති මන්දිරය කාලයක් තිස්සේ අධි ආරක්ෂිත විශේෂ කලාපයක් ලෙස පවත්වාගෙන ගොස් තිබූ හෙයින් එම ස්ථානයට පැමිණ තොරතුරු එක්රැස් ගැනීමේ ප්‍රායෝගික ගැටලු හේතුවෙන් එවැනි තොරතුරු එක්රැස් කිරීමක් සිදුවී නැතැයි දැනගන්නට ඇත. එහෙත් ජනාධිපති මන්දිරයේ පෞරාණික වටිනාකම් සහිත භාණ්ඩ රැසක් තිබූ බව පුරාවිද්‍යා නිලධාරීහු පිළිගනිති.

මේ අතර අරගලයට මුවා වී රජයේ ස්ථාන අත්පත් කරගත් පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය දැනටමත් තීරණය කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *