අරගලකරුවන්ගේ කිරිබත් සෙබළු එපා කියයි…! ආදරවන්තයින්ගෙන් හමුදාවට කුණු බැනුම්…!

July 17, 2022 at 8:28 pm | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීම සැමරීම සඳහා අරගලකරුවන් සතුට පල කිරීමට කිරිබත් උයා හමුදා සාමාජිකයන්ට පිරිනැමීමට උත්සාහ කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි.

අරගලකරුවන් කැමරාකරුවන් විශා පිරිසක් ද සමග හමුදා සාමාජිකයින් අසලට පැමිණ කුඩා දැරියක ලවා මෙලෙස කිරිබත් ලබා දීමට උත්සාහ කරනු දැකගත හැකිය.

කෙසේ වුව ද සියලු හමුදා සෙබලුන් අරගලකරුවන්ගේ කිරිබත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන ආකාරය එහි දී දැකගත හැකිය.

“ආදරයේ අරගලකරුවෝ දුන් කිරිබත් ඔවුන් තරයේ ප්‍රතික්ෂේප කළා. උන්ට තේරෙන්නේ නෑ, මේ මල් කලඹක් වගේ ආදරවන්තයා ඇවිත් තියෙන්නේ කියලා. උන්ගේ හිතේ දුෂ්ඨයා ඇවිල්ලා කියලා. ඇවිල්ලා තියෙන්නේ ආදරේ මල් කළඹත් අරන් රටට ආදරේ කෙල්ලො කොල්ලො. මුන් ආදරවන්තයා කියලා හිතන්නේ රාජපක්ෂ සනුහරේ දේශපාලනඥයෝ. මේ රටට කෙළවුණේ ඒකයි.” යැයි එක් අරගලකරුවෙකු එහි දී ප්‍රකාශ කරයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *