අයියා ගොං කරත්තේ යනවා! නංගි චොපර් එකේ යනවා! උඩින් ගිය දුලාංජලීට කෙල්ලෝ හූ කියති…. (video)

November 15, 2019 at 9:10 am | by emanisa.lk

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ නැගණිය දුලාංජලී ප්‍රේමදාස හෙලිකොප්ටරයක නැඟී යාමට පෙර ජනතාවට අත වනමින් සුහද කතාබහක නිරත වන වීඩියෝවක් සමාජමාධ්‍යවල හුවමාරු වෙයි.

එහිදී දුලාංජලී තමා සජිත්ගේ නැගණිය සහ ප්‍රේමදාසගේ දුව ලෙස හඳුන්වා ගන්නා අතර හෝමාගම ජනරැලියට සහභාගී වීමට ඉක්මනින් යායුතු බව පවසයි. සජිත් ද සිය පියා මෙන්ම හොරබොරු වංචා නැති නායකයෙක් බව ජනතාවට පවසයි.

එහිදී ජනතාව පවසන්නේ අයියා ගොං කරත්තෙන් යන විට නංගි හෙලිකොප්ටරයේ ගමන් බිමන් යන බවය.

සජිත් ප්‍රේමදාස මැතිවරණ වේදිකාවේ නිතර ප්‍රකාශ කළේ තමා ජනපති වූ පසු සිය පවුලේ ගෑවුණු කිසිවකු රාජ්‍ය පාලනයට සම්බන්ධ කර නොගන්නා බවත් තම රජයේ කටයුතු කරන සැමට දුෂ්කරක්‍රීයා කිරීමට සිදුවන බවත්ය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස