අයිඑස් නායක අබුබකර්ගෙන් පස් වසරට පසු වීඩියෝවක්! ශ්‍රී ලංකා පාස්කු ත්‍රස්ත ප්‍රහාරය අගයයි!

April 30, 2019 at 9:25 am | by admin

අයිඑස් ත්‍රස්තවාදී නායක අබුබකර් අල් බැග්ඩෑඩි ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාර ගැන ප්‍රසංශාව පළකර තිබේ.

ඔහු මේ බව සඳහන් කළේ වසර 5කට පසු මුල්වරට නිකුත් කළ ප්‍රචාරක වීඩියෝ පටයක් ඔස්සේ ය. අබුබකර් අල් බැග්ඩෑඩි අවසන් වරට වීඩියෝවක පෙනී සිටියේ 2014 වසරේදීය.

අබුබකර් මෙම නව වීඩියෝව මගින් සාකච්ජා කර ඇත්තේ, අයිඑස් ත්‍රස්තවාදය බිඳවැටීම පිළිබඳවයි. ජිහාඩ් යුද්ධයක් දියත් කිරීමට අල්ලා දෙවියන් තමන්ට අණකර ඇතත්, එය ජයග්‍රහණය කළ යුතුයැයි අණකර නැති බව ඔහු සඳහන් කරයි.

ශ්‍රී ලංකාව ගැන අබුබකර් සඳහන් කරන්නේ වීඩියෝ පටයට එකතු කළ හඬ පටයක් මගිනි. ඒ අනූව, පැහැදිලි වන්නේ වීඩියෝව පටිගතකර ඇත්තේ, ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවීමට පෙරාතුව යැයි, ආරක්ෂක විශේෂඥයන් සඳහන් කරනු ලැබේ. හඩ පටය ඊට පසුව එකතු කළ කොටසක් ලෙස සැලකේ.

මරාගෙන මැරුණු තවුහිද් ජමාත් නායකයා ඇතුළු පිරිස සිය නායකයා ලෙස සලකන්නේ අබුබකර් අල් බැග්ඩෑඩි වන අතර මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කිරීමට පෙර ඔවුන් දිවුරුමක් ලබා දුන්නේ ඔහුගේ නමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස