අයවැය ඡන්දය අවස්ථාවේ පළාගොස් ඇඳං යට සැඟවුණු ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට පොහොට්ටුවේ දිලුම් ස්තූති කරයි! (video)

March 15, 2019 at 10:54 am | by admin

අයවැවයට විරුද්ධව ඡන්දය භාවිත කරන බව පවසා ඡන්දය විමසන අවස්ථාවේ පළා ගොස් ඇඳං යට සැඟ වී සන්ධාන ගොඩනැඟීමේ දී දෙවරක් සිතා බැලිය යුතු බව නැවතත් තමන්ට සිහිපත් කරදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට තමා ස්තූතිවන්ත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම පවසයි.

මේ වන විට සන්ධානයක් තැනීම සඳහා සාකච්ඡා පවත්වන බවත් විශ්වාස කරන්න බැරි පුද්ගලයන් සමග සන්ධානගත වීම නිසා අයවැය අවස්ථාවේ මෙන් අමාරුවේ වැටීමේ ඉඩකඩ පිළිබඳ තමා තුළ බියක් ඇති බවත් ඔහු පවසයි.

පසුගිය වර සන්ධානයගත වී අවසාන අවස්ථාවේ අගමැති තනතුර ලබා නොදෙමියි ලියුම් ගැසූ ආකාරයටම කටයුතු කළ හැකි යැයි ද මන්ත්‍රීවරයා පෙන්වා

විශ්වාස කරන්න බැරි පුද්ගලයන් සමග සන්ධානගත වී අමාරුවේ වැටීමේ අවශ්‍යතාවක් නැති බවත් ජනතාව සිටින්නේ තමා සමග බව ;uතම පිරිසට ද නිතර අමතක වන බවත් ඔහු අවධාරණය කරයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස