ගම සමඟ පිළිසඳර ග්‍රාමීය සංවර්ධන වැඩසටහන මෙවර අයවැයේ වැදගත් ම යෝජනාව බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි.
අද (12) අයවැය කතාව ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
“මෙවර අයවැයේ වැදගත්ම යෝජනාව වන්නේ, ගම සමඟ පිළිසඳර ග්‍රාමීය වැඩසටහන. මේ සඳහා මෙරට තියෙන ග්‍රාම සේවා වසම් 14,021ක ටම එක ග්‍රාම සේවා වසමකට භේදයකින් තොරව රු. මි. 3ක් නැත්නම් ලක්ෂ 30ක් අපි වෙන් කරනවා. ඒ අනුව මිලියන 42,063ක් වෙන් කරනවා.
කුඩා ම පළාත් පාලන ආයතනය ඒකකය තමයි මෙහි කොට්ඨාසය. කොට්ඨාස 4,917ක් ලංකාවේ තියෙනවා. ඒ හැම කොට්ඨාසයකට ම මිලියන 4ක් නැත්නම් ලක්ෂ 40ක් වෙන් කරනවා.”
මේ අතර සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ම සිය කොට්ඨාසය තුළ සංවර්ධන කටයුතු සඳහා රාජ්‍ය අයවැයෙන් ලබාදෙන මුල්‍ය ප්‍රතිපාදන තවත් මිලියන 5කින් වැඩි කිරීමට යෝජනා කර තිබේ.
ඒ අනුව 2022 වර්ෂය සඳහා සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ම රුපියල් මිලියන 15 බැගින් රුපියල් බිලියන 3,375ක මුදලක් සංවර්ධන මුල්‍ය ප්‍රතිපාදන ලෙස හිමි වේ.