අයවැයෙන් උපාධිධාරීන් 20,000කට රැකියා දෙනවා! එදා15,000කට දෙන්න හදන කොටම ඔක්. 26 කුමන්තණය වුණා!

February 7, 2019 at 1:31 am | by admin

රැකියා විරහිත උපාධිධාරීන් 20,000කට රජයේ රැකියා ලබාදීමට මෙවර අයවැය මගින් කටයුතු කරන බව රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) ප්‍රකාශ කළේය.

අභ්‍යන්තර උපාධි පමණක් නොව බාහිර උපාධිධාරීන්ටත් රජයේ රැකියා ලබාදීමට කටයුතු කරන බව ද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

ස්ථාවර නියෝග 27 (2) යටතේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ‍කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් නිරෝෂන් පෙරේරා මහතා එසේ ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා මහතා

ගිය වසරේදී රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදෙන්න රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා කැබිනට් පත්‍රිකාවක් අනුමත කළා. එය අදියර කිහිපයක් යටතේ රැකියා ලබාදීමට සැලසුම් සිදු කර තිබුණා. එයින් පළමු අදියර යටතේ රැකියා 15,000ක් ලබාදීමට සැලසුම් කර තිබෙන අවස්ථාවේ තමයි ඔක්තෝබර් 26 වැනිදා දේශපාලන කුමන්ත්‍රණය සිදුවුණේ. දැන් විපක්ෂ නායකතුමා මේ ප්‍රශ්නය යොමු කළාට එතුමා දින 52ක් අගමැතිකමේ හිටියා. කැබිනට් රැස්වීම් කිහිපයකට සහභාගි වුණා. ගම්පෙරළිය වගේ වැඩසටහන් නතරකරන්න එතුමා කැබිනට් පත්‍රිකා දැම්මා. නමුත් මේ රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදෙන්න කිසිදු පියවරක් ගත්තේ නැහැ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *