ගුරු විදුහල්පති වැටුප් විෂමතාව විසඳීම වෙනුවෙන් 2022 අයවැය මගින් ප්‍රතිපාදන වෙන් කිරීම ගැන සතුටු වන නමුත් ප්‍රතිපාදන මුදල් වී අතට ලැබීමට නම් ඊට අදාළ චක්‍රලේඛය අධ්‍යාපන බලධාරීන් විසින් නිකුත් කළ යුතුව ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් පවසයි.
ඒ, අද (13) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහෙයින් එම කටයුතු කඩිනමින් සිදුකරන ලෙස අධ්‍යාපන බලධාරීන්ට අවධාරණය කරන බවයි, මෙහිදී ස්ටාලින් සඳහන් කළේ.
මෙවර අයවැයේදී විශේෂ අවධානයක් යොමු වූ ක්ෂේත්‍රයක් ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රය කැපී පෙනුනද ගුරු විදුහල්පති වැටුප් ගැටලුව හැර සෙසු අංශ ගැන අවධානය යොමුකර නැති බව ද ස්ටාලින් කියාසිටියේය.
ගුරු විදුහල්පති වැටුප් විෂමතාව විසඳීමට මෙන් ම දරුවන් ගැනද සිතිය යුතුව තිබුණු බවත් අයවැයෙන් දරුවන්ට සහනයක් ලැබී නැති බවයි, ස්ටාලින් සඳහන් කළේ.