අමාත්‍ය මංගල සමරවීර මිය ගිය කතා බොරු…! ඔහු රෝහලේ සුවය ලබමින් සිටිනවා…!- සමීපතම ආරංචි මාර්ග තහවුරු කරයි….

August 18, 2021 at 1:44 pm | by emanisa.lk

හිටපු අමාත්‍ය මංගල සමරවීර මිය ගොස් ඇතැයි සමාජ මාධ්‍යවල පළ වී ඇති පුවත්වල සත්‍යතාවක් නැතැයි ඔහුගේ සමීපතයින් විසින් පවත්වා ගෙන යන The Leader වෙබ් අඩවිය තහවුරු කරයි.

කොවිඩ් ආසාදනය වීමෙන් රෝගාතුරව සිටින මංගල සමරවීර මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාරක ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

ඔහුගේ රෝග තත්ත්වය පසුගියදා කොවිඩ් නිව්මෝනියා තත්ත්වය දක්වා බරපතළ වී තිබූ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැදිහත් වී ඔහුට අවශ්‍ය මේ වන විට වෙළඳපොළේ නොමැති ඖෂධයක් ලබා දීමට ද කටයුතු කර තිබිණි.

මේ වන විට හිටපු ඇමැතිවරයා බරපතළ තත්ත්වයේ නමුත් සුවය ලබමින් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *