අම්මලාට දරුවන්ට කල් පැනපු ත්‍රිපෝෂ බෙදලා! වියළි ධාන්‍ය නිසා කල් පැන්නාට කමක් නෑ කිව්වලු!

May 1, 2019 at 3:46 pm | by admin

හැටන්, අඹගමුව සෞඛ්‍ය අධිකාරි කාර්යයාලය මඟින් ප්‍රදේශයේ මව්වරුන්ට හා ළමුන්ට කල් ඉකුත් වී ඇති ත්‍රිපෝෂ පැකට් තොගයක් ලබා දී ඇති බව වාර්තා වෙයි.

අඹගමුව සෞඛ්‍ය අධිකාරි කාර්යයාලය මඟින් ඊයේ (30) දින බෙදා හැර ඇති ඇතැම් ත්‍රිපෝෂ පැකට් කල් ඉකුත් වී ඇති බව එම ත්‍රිපෝෂ පැකට් ලබාගත් හැටන් ප්‍රදේශයේ ජනතාව ප්‍රකාශ කර ඇත.

මේ සම්බන්ධයෙන් අදාළ පවුල් සෞඛ්‍ය සේවිකාවගෙන් විමසු විට ඇය පවසා ඇත්තේ ධාන්‍ය වර්ග වියළා සකස් කර ඇති ත්‍රිපෝෂ කල් ඉකුත් වී ඇතත් එය පරිභෝජනයට ගත හැකි බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස