අම්පාර සයින්දමර්දු ත්‍රස්තවාදී තිප්පොළක් වටලද්දි ගැටුමක්! ත්‍රස්තවාදීහු 06 දෙනෙක් මැරුම් කති! ඇඳිරි නීතිය මැද මෙහෙයුම් දිගටම!

April 27, 2019 at 8:09 am | by admin

අම්පාර සයින්දමර්දු ප්‍රදේශයේ ඊයේ (26) රාත්‍රියේ පොලිස් විශේෂ කාර්ය බලකාය සහ තවත් පිරිසක් අතර වෙඩි හුවමාරුවකින් පසු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ බවට සැක සහිත මළ සිරුරු 4ක් ආරක්ෂක අංශ විසින් සොයාගෙන ඇත.

කෙසේ වෙතත් එම අවස්ථාවේ දී ත්‍රස්තවාදීන් බවට සැක කළ හැකි 3ක් හෝ 6කගෙන් යුත් පිරිසක් එහි රැඳී සිටි ඇතැයි ද ආරක්ෂක අංශ පවසයි. මෙම වෙඩි හුවමාරුවෙන් පසු පිපිරීම් තුනක් වාර්තා වී ඇති අතර සැක සහිත වෑන් රථයක් පරික්ෂා කිරීමට යාමේ දී එය පුපුරුවා ගෙන ඇතැයි වාර්තා වෙයි.

මේ අතර එම ප්‍රදේශවල දී ආරක්ෂක අංශ සමග වෙඩි හුවමාරුවක නිරත වූ ත්‍රස්තවාදීන් දෙදෙනෙකු සහ සිවිල් වැසියකු මිය ගොස් තිදෙනෙකු තුවාල ලබා ඇත. තුවාලකරුවන් රෝහල්ගත කර තිබේ.

කල්මුණේ, චාවලකඩේ සහ සමන්තුරේ යන පොලිස්බල ප්‍රදේශවල ඊයේ රාත්‍රී සිට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති අතර, සෝදිසි මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මක බව ද පොලීසිය පවසයි. මෙම ගැටුම්වල දී ආරක්ෂක අංශවලට හානි වූ බවට පැතිර යන කටකතාවල සත්‍යතාවක් නැතැයි පොලිසිය පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස