අමල් ඇතුළු 18ක් කොකේන් ගහලා! තව 8 දෙනෙක් ළඟ කොකේන් තිබිලා!

February 12, 2019 at 4:24 am | by admin

මාකඳුරේ මධූෂ් සමග ඩුබායි හිදී අත්අඩංගුවට ගත් ගායන ශිල්පි අමල් පෙරේරා ඇතුළු 18 දෙනකු කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට ඩුබායි පොලිසිය කළ විමර්ශනවලදී හෙළිවී ඇති බව වාර්තා වේ. තවත් 8 දෙනකු ළඟ කොකේන් තිබූ බවද ඩුබායි පොලිසිය පවසයි.

අදාළ විමර්ශන මේ වන විට අවසන් කර ඇති අතර ඩුබායි හි සුපිරි හෝටලයක සාදයක් පවත්වමින් සිටියදී පසුගිය 5 වැනිදා මෙම පිරිස අත්අඩංගුවට ගැනුණි.

අත්අඩංගුවට ගනු ලැබූ මාකඳුරේ මධූෂ්, ගායන ශිල්පි අමල් පෙරේරා, ඔහුගේ පුත් නදීමාල් පෙරේරා, රංගන ශිල්පී රයන් වෑන්රෝයන් ඇතුළු 31 දෙනකුගෙන් යුත් සැකකරුවන් පිරිස බර් ඩුබායි පොලිස් සිර මැදිරියේ රඳවා තබා ගෙන ඇති බවද වාර්තා වේ.

මධුෂ් ඇතුළු පිරිසට එරෙහිව ඩුබායිහි දී ගන්නා නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා කටයුතු අමාත්‍යාංශය අවධානයෙන් පසුවන බවද එහි ප‍්‍රකාශකයෙක් සඳහන් කළේය.

දිවයින

(කෙසේ වුවද පසුගියදා අමල් පෙරේරා ඇතුළු පිරිස නිදහස් කර ගැනීමට ඩුබායි බලා ගිය උදුල් ප්‍රේමරත්න ඊයේ පැවසූයේ එම පිරිස ළඟ කොකේන් තිබූ බවට පැතිරෙන කතා අසත්‍ය බවත් තවම රුධිර පරීක්ෂණ වාර්තා පවා පිට වී නොමැති බවය. එම ලිපිය මෙතැනින්. )

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *