අපේ සටන් සගයන්ට හිරගෙවල් ආශීර්වාදයක්! පාඨලීට අත තැබූ ආණ්ඩුවට පසුතැවෙන්න වෙයි! – චතුර

December 19, 2019 at 4:40 pm | by emanisa.lk

තමන් ඇතුලු පිරිසට අරගල සිරගෙවල් ආශිර්වාදයන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසයි.

එම සටහන මෙසේය.

“දේශපාලන බබ්බුන්ට magic වූවාට අපට අරගල හෝ සිරගෙවල් ආශීර්වාදයන් ය. ආණ්ඩුවට වැරදී ඇත. පාඨලී සිරගත කිරීම ගැන ආණ්ඩුවට පසු තැවීමට වන දිනය වැඩි ඈතක නොවේ..

මේ රටේ මහපොලව මත දිනා දුන් නිදහස, අධිකරණයේ ස්වාධීනත්වය, මාධය නිදහස, වළපල්ලට යන බව අප දැන සිටියෙමු. මේ එළිවෙන්නේ ඒ සත්‍යයයි, දැන් දේශපාලනය පහසුය, අපට කිරීමට කිසිවක් නැත. ඔවුන් විසින්ම තමන්ගේම, සළුපිලි උනා දමමින් සිටිති.

පාඨලී දේශපාලන මිත්‍රයාට තැබූ අත මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මිනීවල වෙනුවෙන් කැපූ පස් පිඩල්ලකි. අපි හුදෙක් ඔබගේ නිදහස වෙනුවෙන් නොව මේ රටේ මිනිසුන්ගේ නිදහසේ අයිතිය වෙනුවෙන් තවත් ශක්තිමත්ව පෙල ගැසෙන්නෙමු. ඔබ එහි යෝධ සලකුණ වනු නොඅනුමානය.

මම.
චතුර සේනාරත්න.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස