අපේ ශිෂ්ටාචාරය මත පදනම් වූ ආර්ථික සැලැස්මක් ඕන…! – අනුර…

September 21, 2021 at 7:06 am | by emanisa.lk

අප රටේ ශිෂ්ඨාචාරය මත පදනම් වූ ආර්ථික උපාය මාර්ගයක් සැකසිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි..

අතීතයේ අප රටේ දැවැන්ත වාරි සංස්කෘතියක් තිබූ බැවින් ඒවා පදනම් කරගනිමින් ආර්ථික උපාය මාර්ගයක් සැකසිය යුතු බව ඔහු පෙන්වා දෙයි.

අද අප රටේ ශ්‍රම බලකායෙන් 27% ක්, ජාතික නිෂ්පාදනයෙන් 7% ක්,අපනයන අදායමෙන් 25%ක්, කර්මාන්තවලින් 25% ක් කෘෂිකර්මය මුලික කරගනිමින්  මෙරට ආර්ථිකයට දායක වන බවද ඔහු සඳහන් කරයි.

එහෙත් කෘෂිකර්මාන්තය වැනි සුවිශේෂී අංශයක් වෙනුවෙන් රජය තීරණ ගෙන ඇති ආකාරය වැරදි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක චෝදනා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *