අපේ වකුගඩුවලට පුදුම ආදරයක් මේ ආණ්ඩුවට තියෙන්නේ…! – අශෝක් අබේසිංහ…

October 23, 2021 at 7:19 am | by emanisa.lk

වත්මන් රාජපක්ෂ ආණ්ඩුවේ සිටින බහුතරයක් හොරුන් යැයි තමන් වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ පවසයි.

“ඒ දවස්වල ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉතා ම අඩුවුණා, ඩොලර් 10ට- 5ට අන්තිමේ නිකම් දෙන්න කතා කළා. මිල ස්ථායීකරණ අරමුදලක් හදනවා කියලා බිලියන 20ක ද කොහෙද ගාණක් එකතු කළා. අන්තිමේ මොකද වුණේ ඒ සල්ලිත් නෑ, මේවාත් නෑ, අන්තිමට ඉන්ධන මිල අඩුකළෙත් නෑ.

ලෝක වෙළඳපොලේ වැඩිවෙනකොට මෙහෙත් වැඩිකරන්න නම් මොකටද ආණ්ඩුවක් කියලා මතකද කිව්වා ? කෝ දැන් ඒවා නැහැනෙ කතා ? ඔය උදය ගම්මන්පිලමනෙ කිව්වෙ ? ඒක නිසා මේ ඔක්කොම බොරු. මේ රට හදන්න හොරු නැතිකරන්න ඕනෙ. හොරකම් කරනකල් මේ රට හදන්න බෑ. මං වගකීමෙන් කියනවා රාජපක්ෂ ආණ්ඩුවේ බහුතරය හොරු ! දේශපාලනඥයො හොරකම් කරන අය.

මේ වෙන එකක් නෙවෙයි නැනෝ නයිට්‍රිජන් එකෙනුත් මේ ඊයෙ පෙරේදාත් ගහලානෙ කෝටි 300ක්. ඉතිං මොකක්ද මේ වැඩේ ? සීනි එකෙනුත් ගැහුවා. මිනිස්සු හැමදාම කන සීනි එකෙන්. හාල් එකෙනුත් ගහනවා. දැන් හාල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගේනවා. හාල් මෙට්‍රික් ටොන් ලක්ෂය කොච්චර කාලෙකටද ඇති ? මෙට්‍රික් ටොන් 6500ක් ඕනෙ දවසකට. දවස් 15කට ඇති. දැන් කාබනික හාල් ද ඔය ගේන්නෙ ? අනේ අපේ වකුගඩුවලට පුදුම ආදරයක්නෙ මේගොල්ලොන්ට තියෙන්නෙ”

අශෝක් අබේසිංහ මේ බව පැවසුවේ ඊයේ (22) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *