අපි භාරගන්නේ අසාධ්‍ය නැති රෝගීන්…! අසාධ්‍ය වුණොත් වෙනත් රෝහලකට මාරු කරනවා…! අපේ රෝහලේ මරණ නැත්තේ ඒකයි…! – ආයුර්වේද කොමසාරිස්…

August 16, 2021 at 7:09 am | by emanisa.lk

කොවිඩ් ආසාදිත ව මෙරට ආයුර්වේද රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් කිසිවෙකු මිය නොගිය බව පැවසීම සාධාරණ නැතැයි ආයුර්වේද කොමසාරිස් ධම්මික අභයගුණවර්ධන සඳහන් කරයි.

ආයුර්වේද රෝහල්වවල ප‍්‍රතිකාර ලබන රෝගීන් අසාධ්‍ය වුවොත් වෙනත් රෝහලට මාරුකර යවන බවත් ඔහු පැවසීය.

එම අර්ථයෙන් ආයුර්වේද රෝහල්වලදී ආසාදිතයන් කිසිවෙකු මිය නොගිය බව සත්‍ය නමුත් එකී ප්‍රකාශයෙන් තවත් පිරිසකට සිත් රිදවීම් ඇති විය හැකි බවද ඔහු පෙන්වා දෙයි.

ආයුර්වේද රෝහල්වල ප්‍රතිකාර සඳහා අසාධ්‍ය රෝගීන් බාර නොගන්නා බවත් සාමාන්‍ය සංකූලතා සහිත සුව කළ හැකි රෝගීන් පමණක් භාර ගන්නා බව ඔහු කියා සිටී.

කළමනාකරණය කළ හැකි රෝගීන් පමණක් භාරගන්නා විට මිය යාම ඉතා ම අල්ප යයිද ඔහු තවදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස