අපේ රට දැවැන්ත අර්බුදයක හිරවෙලා. මේ වගේ අර්බුදයක් කවදාවත් තිබුණේ නෑ! – ටිල්වින්

January 23, 2019 at 5:24 pm | by admin

අපේ රට මේ අවස්ථාවේ දැවැන්ත සමාජ දේශපාලන සංස්කෘතික ආර්ථික අර්බුදයක පවතින බව පාලකයන් ඇතුළු සියලු දෙනා පිළි ගන්නා බව ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

රටේ ආර්ථිකය මද නැති බොල් ආර්ථිකයක් වී රුපියල කඩා වැටී නිෂ්පාදන බිඳ වැටී විදේශ වත්කම් පිරිහී රැකියා උත්පාදනය ඇන හිට ඇත. එහෙයින් ජනතාවට සහන ලබා දිය නොහැකිය. අධ්‍යාපනය ඇතුළු සමාජ සේවා සියල්ල බරපතළ අර්බුදයක පැටලී ඇත.

ළමයින්ට ළමා කාලය අහිමි කර ළමයින් මරවමින් අධ්‍යාපනය ලබා දෙන ළමයින්ට අප්‍රිය වූ අධ්‍යාපනයක් රටේ ක්‍රියාත්මක වෙයි. එහෙත් මේ අර්බුදය පිළිබඳ ගැඹුරු දේශපාලන සංවාදයක් අඩු බව ද ටිල්වින් සිල්වා පවසයි.

කෙසේ වුවද මෙම අර්බුදය ඔඩු දුවන පසුබිමක පවා වර්තමාන ආණ්ඩුව රැකගැනීමට ජවිපෙ දිගින් දිගටම කටයුතු කරන බවට චෝදනා නැඟෙයි. වර්තමාන ආණ්ඩුව බලයට පත් කිරීමට ද ජවිපෙ සුවිශාල කාර්යභාරයක් ඉටු කළේය. ඔවුන් සඳහන් කරන සියලු ආර්ථික දර්ශක රාජපක්ෂ ආණ්ඩු සමයට වඩා අද පිරිහී තිබේ.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *