අපේ මුහුදේ නැවක් ගිනි ගැනීම විශාල නින්දාවක්….! මේ අපකීර්තිය නිසා ලංකාවට ආයේ නැව් එන එකක් නෑ…! – හඳුන්නෙත්ති…

June 6, 2021 at 3:18 pm | by emanisa.lk

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ගිනි ගැනීම විශාල අපකීර්තියක් බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති පවසයි.

දිනකට නැව් 250-300ක් පමණ ගමන් කරන නාවික මාර්ගයක් අසල පිහිටි ලංකාවට නැවක් ගිනිගතහොත් නිවා දැමිය හැකි ද යන ප්‍රශ්නය දැන් ලෝකය හමුවේ ඇතැයි ඔහු පෙන්වා දෙයි.

මෙම සිදුවීම ඔස්සේ රටට සිදු වූ හානිය වන්දියක් මගින් පියවිය නොහැකි බව ද හෙතෙම සඳහන් කරයි.

මෙම නැවේ රසායන ද්‍රව්‍ය කාන්දුවක් පවතින බව දැනගත් අවස්ථාවේ වහා ම එම නැව වරාය ඇතුළට ගෙනැවිත් එම රසායන ද්‍රව්‍ය බහාලුම් ගොඩ බෑමට තිබූ බව හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

නැත්නම් නැව නැවත ජාත්‍යන්තර මුහුදට ගෙන යාමට කටයුතු කළ යුතුව පැවැති බව ද ඔහු අවධාරණය කරයි.

අදාළ විශේෂඥ කණ්ඩායම් නොයොදවා වරාය ඇමැති දුරදක්නයකින් නැව බැලූ පමණින් ගින්න නොනිමෙන බව ද සුනිල් හඳුන්නෙත්ති වැඩි දුරටත් කීවේ ය.

සිරස නාළිකාවේ වැඩසටහනකට එකතු වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *