අපේ මිල සූත්‍රෙ තිබ්බා නම් මෙහෙම විනාශයක් නෑ…! එහෙනම් පෙට්‍රල් රු. 137යි…! – රාජිත….

June 23, 2021 at 11:03 pm | by emanisa.lk

ඉන්ධන මිල ඉහළ නැංවීමත් සමඟ දුප්පත් මිනිහා කන පාන් ගෙඩියේ බනිස් ගෙඩියේ සිට සියලු ආහාරවල මිල ඉහළ ගිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසයි.

ඉදිරියේ දී ගෑස් කිරිපිටි මිල ද ඉහළ නංවනු ඇතැයි හෙතෙම අනතුරු අඟවයි.

යහපාලන ආණ්ඩුව හඳුන්වා දුන් මිල සූත්‍රය තිබිණි නම් මේ කිසිදු විනාශයක් සිදු නොවන බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

එසේ වී නම් පසුගියදා රු. 157 දක්වා ඉහළ ගිය පෙට්‍රල් ලීටරයක මිල ඉහළ නැංවෙන්නේ රු. 137 දක්වා පමණක් බවත් රාජිත සේනාරත්න ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *