අපේ මාපියන්ට එන්නත් දීම වරප්‍රසාදයක් නෙමෙයි…! කොවිඩ් පාලන උපාය මාර්ගික පියවරක්…! – GMOA

May 27, 2021 at 8:10 pm | by emanisa.lk

සෞඛ්‍ය සේවකයන්ගේ මාපියන්ට කොවිඩ් මර්දන එන්නත් ලබා දීම ඔවුන්ට ලැබුණු වරප්‍රසාදයක් නොව රෝගය පැතිරීම වැළැක්වීම සඳහා ගත් උපාය මාර්ගික පියවරකැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

බස්නාහිර පළාතේ සෞඛ්‍ය සේවකයන්ගේ මාපියන් 13,000කට පමණ කොවිඩ් මර්දන එන්නත් ලබා දී තිබෙන බව ද එය මෙරට පුද්ගලයන්ට ලබාදුන් මුළු එන්නත් ප්‍රමාණයෙන් සියයට 1කට වඩා අඩු ප්‍රමාණයකැයි ද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු පෙන්වා දෙයි.

එහෙත් ඇතැම් වෘත්තීය සමිති නායකයින් තම දෙමාපියන්ට එන්නත් ලබා ගැනීම සෞඛ්‍ය සේවකයන් ලැබූ වරප්‍රසාදයක් ලෙස අර්ථ දැක්වීමට පටන් ගෙන ඇතැයිද ලේකම්වරයා පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස