අපේ පොහොරවල ක්ෂුද්‍ර ජීවීන් නෑ…! ලංකාවේ පරීක්ෂණ විද්‍යාත්මක නෑ…! අපට පාඩු නොකර පොහොර ගන්න…! – චීන තානාපති කාර්යාලය…

October 9, 2021 at 9:19 pm | by emanisa.lk

චීන සමාගමක් මගින් ලංකාවට ගෙන්වූ කාබනික පොහොර තොගයක අහිතකර බැක්ටීරියා ඇතැයි කඩිනම් නිගමනයකට පැමිණීම විද්‍යාත්මක පදනමකින් තොරව සිදු වූවක් බව චීන තානාපති කාර්යාලය පවසයි.

එම පොහොර සාම්පලවල අහිතකර ක්ෂුද්‍ර ජීවින් ඇති බව අවස්ථා දෙකකදී හඳුනා ගැනීමත් සමඟ එම පොහොර ප්‍රතික්ෂේප කිරීමට රජය තීරණය කළේ ය.

කෙසේ වුව ද සිය සමාගමේ පොහොර සෙල්සියස් අංශක 600ක ඉහළ උෂ්ණත්වයක ජීවානුහරණය කරන බවත් එවිට අහිතකර ක්ෂුුද්‍රජීවි විශේෂ සියල්ල විනාශ වන බවත් නිවේදනයක් නිකුත් කරමින් චීන තානාපති කාර්යාලය පෙන්වා දෙයි.

දින තුනක් තුළ සිදුකළ පරීක්ෂණ මගින් අර්විනියා බැක්ටීරියා හඳුනා ගත් බව ශ්‍රී ලංකා ජාතික ශාඛ නිරෝධායන සේවය ප්‍රකාශ කළ ද ජාත්‍යන්තර ශාඛ ආරක්ෂණ සම්මුතිය අනුව ඒ සඳහා අවම වශයෙන් දින 06ක් ගත වන බවත් එහෙයින් මෙම තීන්දුවට විද්‍යාත්මක පදනමක් නොමැති බවත් එම නිවේදනයෙහි සඳහන් වෙයි.

මෙම විද්‍යාත්මක නොවන තීන්දුව නිසා අදාළ සමාගමට විශාල ප්‍රශ්න ප්‍රමාණයකට මෙන් ම අලාභයක් දරා ගැනීමට ද සිදුව ඇති බවත් විද්‍යාත්මක පදනමක පිහිටා දෙපාර්ශ්වය කඩිනමින් සාකච්ඡා කර විසඳුමක් ලබා ගනු ඇතැයි බලාපොරොත්තු වන බව ද චීන තානාපති කාර්යාල වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *