සර්වජන බල සන්ධානය යාපනයේ සිට උතුරේ ජනතාව ද සමස්ත රට ද අමතන අද දිනය ඓතිහාසික දිනයක් බව යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග පවසයි.
අපගේ සිහිනය සිංහල දකුණක් දෙමළ උතුරක් නොව සිංහල දෙමළ සැමගේ එකම ශ්‍රී ලංකාවක් බවයි, ඔහු අවධාරණය කළේ.
සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් සැමට සමානව ප්‍රතිලාභ ගලා යන ආර්ථික ක්‍රමයක් යෝජනා කර ඇති අතර උතුරු නැගෙනහිර කුළය පදනම් සමාජ පීඩනය අවසන් කිරීම සඳහා කටයුතු කරන බව ද ගෙවිඳු කුමාරතුංග සඳහන් කරයි.
සර්වජන බලය ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීරගේ මංගල ජනාධිපතිවරණ ප්‍රචාරණ රැලිය යාපනයේ දී අමතමින් මන්ත්‍රීවරයා මේ බව කීය.