අපේ පක්ෂයේ කුහකයෝ උමං මග හැදුවොත් මාළිගාව කඩා වැටෙයි කියලා බොරු කියනවා! නායකයා බය වුණා! (video)

March 2, 2019 at 8:09 am | by admin

මහනුවර නගරයේ තදබදය අවම කිරීමට තැන්නේකුඹුරේ සිට දෙයියන්වලට උමං මාර්ගයක් තැනීම සඳහා අයෝජකයකු ද ලැබී ඇතත් සිය පක්ෂයේ කුහකයන් ඊට බාධා කරන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

අදාළ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබුණු බව ද කොරියාව ඒ සඳහා ආයෝජනය කිරීමට ඉදිරිපත් වූ බව ද ඇමතිවරයා පෙන්වා දෙයි. උමං ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ප්‍රමාද වීම පිළිබඳ කොරියානු තානාපතිවරයා හය වතාවක් කරුණු විමසා තිබේ. ජනාධිපතිවරයා කොරියාවට ගිය අවස්ථාවේ ද මුලින් ම අසා ඇත්තේ ද එම උමං මාර්ගය නො සැදීමට හේතුය.

මේ සඳහා හේතු වී ඇත්තේ මෙම උමං මාර්ගය තැනුවහොත් මාළිගාව කඩා වැටේ යැයි සිය නායකයා බිය ගැන්වීම යැයි ඇමතිවරයා අවධාරණය කරයි. එහෙත් එම උමං මාර්ගය දළදා මාළිගාව අසලකින් හෝ ගමන් නොකරන බව ඇමතිවරයා පෙන්වා දෙයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස