අපේ දැක්ම අනුව මෙරට කොටස් වෙළෙඳපොළ බිඳ වැටි යුතුයි…! එහි අනපේක්ෂිත පිබිදීම ඉතා ම සැකකටයුතුයි..! – ජවිපෙ

January 30, 2021 at 11:38 am | by emanisa.lk

රටේ ආර්ථිකය ඉතා දුර්වල මට්ටමකට පත්ව තිබිය දී කොළඹ කොටස් වෙළෙඳපොළේ අනපේක්ෂිත පිබිදීම බෙහෙවින් සැකයට තුඩු දෙන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.

රටේ මුදල් හිඟයක් පවතින විට හිටි අඩියේ ම කොටස් වෙළෙඳපොළ මිල දර්ශකය ඉහළ ගියේ අලුතින් මුදල් මුද්‍රණය කිරීම නිසා හෝ නීති විරෝධී කළු සල්ලි තොගයක් කොටස් වෙළෙඳපොළට පොම්ප කිරීම නිසා බවට ප්‍රබල සැකයක් ඇතැයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

වත්මන් රජයට ජනතාවගේ ජීවන වියදම ඉහළ යාම නවතාලීමට නොහැකි බවත් රුපියල කඩාවැටීම පවා පාලනය කරගත නොහැකි වී තිබෙන බවත් ඔහු සඳහන් කළේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *