අපේ තාත්තා වගේම මාත් විශ්වාස කරන්න! – පුංචි ප්‍රේමදාස වතුකරයේ ජනතාවගෙන් ඉල්ලයි…

July 22, 2020 at 9:00 pm | by emanisa.lk

තමාගේ පියා විශ්වාස සේම තමා පිළිබඳවත් විශ්වාසය තබන ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස වතුකරයේ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

සමගි ජන බලවේගයේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කළ ජන හමුවක් හපුතලේ නගර සභා ශ්‍රවණාගාරයේදී අමතමින් (21) සජිත් ප්‍රේමදාස මෙසේ සඳහන් කළේය.

මහා මැතිවරණයෙන් ජයග්‍රාහණය කළහොත් ස්ථාවර ආර්ථිකයක් රට තුළ ගොඩනැගෙන තුරු ආර්ථික අපහසුතා පවතින පවුල් සඳහා මස්පතා රුපියල් 20,000ක ලබා දීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් ගණනය කිරීම් මේ වන විටත් තම පක්ෂයේ සමාජිකයින් විසින් සිදු කර අවසන් බවත් ඔහු පෙන්වා දුන්නේය.

වත්මන් ආණ්ඩුවට ආර්ථිකය ගොඩනැඟීම සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙළක් හෝ හැකියාවක් නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස