අපේ ජාතික ලැයිස්තු මන්ත්‍රී පිරිසත් අපට එරෙහි වුණා! ඔවුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නවා! – දයාසිරි

August 28, 2019 at 2:37 pm | by emanisa.lk

එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව මේ වන විට වෙනත් පක්ෂවලට සහාය පළ කරන මන්ත්‍රීවරුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රීලනිප වැඩ බලන මහ ලේකම් දයාසිරි ජයසේකර පවසයි.

මේ පිරිස ජනතාව ප්‍රතික්ෂේප කර ගෙදර යැවූ අය බවත් ඔවුන් නැවත පත් කළ ශ්‍රීලනිපයට මෙන්ම ජනාධිපතිවරයාට ද ද්‍රෝහී වී ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.

සරත් අමුණුගම, ඩිලාන් පෙරේරා, විජිත් විජිතමුණි සොයිසා, එස් බී දිසානායක, මහින්ද සමරසිංහ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, තිලංග සුමතිපාල, අංගජන් රාමනාදන්, එම් එල් ඒ එම් හිස්බුල්ලාහ්, මලිත් ජයතිලක, ෆයිසර් මුස්තාපා, ඒ. එච්. එම්. ෆවුසි 2015 ජාතික ලැයිස්තුවෙන් පත්වූහ.

මේ අතරින් පිරිසක් එජාපයට ද තවත් පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ද මේ වන විට සහාය දක්වති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස