අපේ ආණ්ඩුව තිබ්බා නම් අද ගුරු වැටුප් ප්‍රශ්නයක් නෑ…! – රනිල්…

August 31, 2021 at 5:22 pm | by emanisa.lk

ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නය සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කරන්නට ඉඩක් ලැබුණා නම් වත්මන් ප්‍රශ්නය උද්ගත වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

එම තීරණය ක්‍රියාත්මක කරන්නට පෙර ආණ්ඩු වෙනස සිදු වූ බව කී රනිල් වික්‍රමසිංහ, බලයට පැමිණි සැණින් ආදායම් අහිමි කරගත් වත්මන් ආණ්ඩුව මේ ප්‍රශ්නය කෙසේ විසඳනු ඇද්දැයි නොදන්නා බව ද සඳහන් කළේය.

වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ රටේ සිසු පරපුරට හරියාකාර අධ්‍යාපනයක් නැති හෙයින් රජය වහා මේ ප්‍රශ්නය විසඳිය යුතුව ඇතැයි ද රනිල් වික්‍රමසිංහ සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකදී කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *