අපේ ආණ්ඩුව ගත් ණයවලින් රටට වැඩ කළා! ආණ්ඩුව ණය අරන් කරන දෙයක් නෑ!

March 18, 2019 at 7:26 am | by admin

අලුතින් ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නම් එය ජනතාවාදි ව්‍යවස්ථාවක් විය යුතු බවත්, එමඟින් ජාතීන් අතර ආගම් අතර බෙදීමක් ඇති වන ආකාරයේ ව්‍යවස්ථාවක් නොවිය යුතු බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

එතුමා මේ බව සඳහන් කළේ ඊයේ (16) පස්වරුවේ මාතලේ සංඝානන්දාරාම විහාරස්ථානයේ නව විවෘත කිරිමකට එක්වෙමිනි.

“දින 52ක් ආණ්ඩු කිරීම ගැන සමහරු දොස් කියනවා. නමුත් එමඟින් 2/3 න් සම්මත වීමට තිබූ අවස්ථාව නැති උණා. ජනතාවට සහන රැසක් දෙන්න අපිට ඒ කෙටි කාලය තුළ හැකි වුණා.”

“අපේ කාලය තුළ අපි ණය ගත්තා. ඒ මුදලින් අපි සංවර්ධනය ඇති කළා. ඒක පුද්ගල ආදායම වැඩි කළා. දැන් ණය ගෙන කරන දෙයක් නෑ. ණය ගෙවිමට ණය ගැනිමත්, එය පියවිමට රටේ සම්පත් විකිණිමත් අපි අනුමත කරන්නේ නෑ. රටේ දේපළ එකිනෙක විකිණිමට වත්මන් රජය කටයුතු කරනවා.” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස