අපේ ආණ්ඩුවේ සැලසිනේ ලොක්කෝ අල්ලස් කොමිසමෙනුත් අල්ලස් ගත්තා! – ජනපති

March 19, 2019 at 1:16 pm | by admin

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ප්‍රචාරක කටයුතු සඳහා දැන්වීමක් සකස් කිරීමට රජයේ ප්‍රචාරක ආයතනයක් වන සැලසිනේ ආයතනයට භාර දුන් අවස්ථාවේ ඔවුන් අල්ලස් කොමිසමෙන් ද අල්ලස් ගෙන ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මපවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (18) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවති අල්ලස සහ දූෂණය පිටුදැකීමේ පස් අවුරුදු (2019-2023) ජාතික ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

හොර බිල් ඉදිරිපත් කරමින් සැලසිනේ ආයතනය අල්ලස් කොමිසමෙන් අල්ලස් ගත් බවත් එසේ නොකළේ යැයි කියන්නේ නම් තමන්ට එය ඔප්පු කළ හැකි බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.

රජයේ කොන්ත්‍රාත්වලදී ඇස්තමේන්තුව සකස් කිරීමේදීම රජයේ නිලධාරීන් විසින් හොරකම් කරන ගණන ඊට එකතු කරන අතර එම තත්ත්වය වෙනස් කිරීමට යාමේදී ඇස්තමේන්තුව සකස් නොවන තත්ත්වයට පත්ව ඇති බව ද සුපිළිපන්න වීම සම්බන්ධයෙන් දිවුරුම් දුන්නද ඇත්ත තත්ත්වය මෙය බව ද ජනාධිපතිවරයා පවසයි.

සැලසිනේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ කෙෂාල් ජයසිංහ නම් අමාත්‍ය මංගල සමරවීරගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයෙකි. ඊට පෙර එහි සභාපති ධුරය දැරුවේ ශ්‍රීලනිප තරුණ පෙරමුණේ සභාපති ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාරය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *