අපේ ආණ්ඩුවක් යටතේ මාස 6න් කොළඹ නුවර අධිවේගය හදනවා! (video)

March 9, 2019 at 7:46 am | by admin

මාස 06ක් ඇතුළත යළි බලයට පත්වී නුවර – කොළඹ අධිවේගී මාර්ගය මාස 06ක් තුළ ජනතා අයිතියට පත් කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසයි. තමා බලයේ සිටියේ නම් මෙම රැස්වීමට කොළඹ සිට පැමිණෙන්නේ අධිවේගී මාර්ගය ඔස්සේ බව ද මේ ආණ්ඩුව කිසි දිනක එය සම්පූර්ණ කරතැයි තමා නොසිතන බව ද විපක්ෂ නායකවරයා පවසයි.

හෙතෙම මේ බව සඳහන් කළේ “ඉවසුවා ඇති” ජනරැළි මාලාවේ පළමු රැළියට අද (08) පස්වරුවේ මහනුවරදී අමතමිනි. රට සහලින් ස්වයංපෝෂිත කළේ 6 වන පරාක්‍රමබාහු නොව 1 වන පරාක්‍රමබාහු රජු බව ද ඔහු පැවසුවේය.

ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන ඉවසුවා ඇති ජනරැළි මාලාවේ පළමු රැළිය අද පස්වරුවේ මහනුවර පොදු වෙළඳපොළ භූමියේදී පැවැත්වුණි.

ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂවල නායකයින් හා සාමාජිකයින් සහභාගී වූ අතර ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමඟ දැනට කටයුතු කරන මන්ත්‍රිවරුන් සහභාගි වි සිටියේ නැත.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *