අපේ ආණ්ඩුවක් නැති වුණොත් ජනතාවට ගොඩක් දුක් විඳින්න වෙනවා…! – මෛත්‍රී…

September 4, 2023 at 3:54 pm | by emanisa.lk

එළඹෙන ජනාධිපතිවරණයේ දී සිය ඡන්දය පාවිච්චි කරන්නේ කා වෙනුවෙන් ද යන්න රටේ ජනතාවගෙන් 60%ක් මෙතෙක් තීන්දු කර නැතැයි ශ්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වන සංවත්සර උත්සවය ඊයේ (03) පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ දී අමතමිනි.

“ලබන අවුරුද්දේ ඔක්තෝම්බර් මාසේ වෙනකොට ජනාධිපතිවරණයට නාම යෝජනා කැඳවන්න ඕනේ. නමුත් රටේ ජනගහණයෙන් 60%ක් පමණ ඉදිරි මැතිවරණයේ දී ඡන්දේ දෙන්නේ කාට ද කියලා තාමත් තෝරගෙන නෑ. එහෙම නම් 60%ක් පමණ ජනතාව ආකර්ෂණය කර ගන්නේ කොහොමද කියන අභියෝගය අපි හමුවේ තියනවා.

අපිට ප්‍රධාන වශයෙන්ම විසඳුම් තමයි අංක 1 පක්ෂයේ සියලු දෙනාගේ සමගිය සහ දැඩි සහෝදරත්වය සහ මිත්‍රශීලීභාවය. අපි මේ ලස්සන සුන්දර සැන්දෑවේ මේ වගේ සංවත්සරයක් සැමරුමක් තියලා සතුටු වෙනවා වගේම මේ සතුට යම් දීර්ඝ කාලීන සතුටක් කර ගන්න පුළුවන් වෙන්නේ අපි ආණ්ඩුවක් පිහිටුවොත් විතරයි.

එහෙම නැතිනම් අපි මෙතන එකතු වෙලා ලබන සතුට ආණ්ඩුවක් පිහිටුවා ගන්න බැරි වුණොත් අපිට අපේ ප්‍රතිපත්ති හා දර්ශන තුළ අපට නැවත අවුරුදු ගණනාවක් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා සහ මේ රටේ පොදු මහ ජනතාවට දුක් විදින්නයි කරදර වෙන්නයි සිද්ධ වෙන්නේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *