අපේ ආණ්ඩුවක් තිබ්බා නම් ගිනිගත් නැව පරණ යකඩවලට විකුණනවා…! – දිලිප් වෙදාරච්චි…

June 4, 2021 at 10:34 pm | by emanisa.lk

ගිනිගත් නැව කිලෝ ටොන් 10 000කට වඩා බර බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි පවසයි.

මෙම යකඩ තොගය විකුණා කෝටි 1000කට වඩා මුදලක් උපයාගත හැකි බව ද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

එම මුදල් රැකියාව අහිමි වූ ධීවර ප්‍රජාවට ලබා දිය යුතු බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

ධීවරයින්ට යැපීම් දීමනා ලබා නොදෙන නිසා රජයට විරුද්ධව නඩු පවරන බව ද දිලිප් වෙදාරච්චි අවධාරණය කළේ ය.

අද (04) නෞකාවේ ගින්න නිසා හානියට පත් පමුණුගම සරක්කුව වෙරළ තීරය නිරීක්ෂණයට ගිය අවස්ථාවේ ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *