අපේක්ෂකයා රනිල් නම් මගේ සහයාත් රනිල්ටයි…!

July 9, 2024 at 3:51 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ බවට තීරණය කළහොත් ඒ සුබ තීරණය සඳහා සහයෝගය ලබා දෙන බව ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස ඉතා සුබවාදී තීන්දුවක් හෙට අනිද්දා ගනු ලබන බවත් ඒ තීන්දුව රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීම නම් සියලු දෙනා ඊට එකඟ වෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

රටේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහය දක්වන අපේක්ෂකයා වන බව ද ඔහු කියා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *