මැතිවරණ නීතියට අනුව අපේක්ෂකයා ගමන් කරන වාහනය හැරුණු කොට වෙන කිසිදු වාහනයක මැතිවරණයට අදාළ කිසිවක් ප්‍රදර්ශනය කිරීම තහනම් බව පොලිසිය පවසයි.
සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කිරීම සම්බන්ධයෙන් ඉදිරියේ දී අවශ්‍ය නීතිමය කටයුතු සිදුවන තුරු නීති විරෝධී මැතිවරණ ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය සූදානම් බවත් පොලිසිය අවධාරණය කරයි.