තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම නිසා සෙසු සියලු ජනාධිපති අපේක්ෂකයන් බියට පත්ව ඇතැයි මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක පවසයි.
ඒ සත්‍ය සහ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටිමින් අල්ලසට දූෂණ එරෙහිව තමන් පෙනී සිටීම නිසා බවයි, ඔහු ප්‍රකාශ කළේ.
ආර්ථිකය සහ කළමනාකරණය දන්නා දේශපාලනය නොකළ ස්වාධීන පුද්ගලයෙකු වන තමන්ට ඡන්දය ලබා දී රට වැටී ඇති ආගාධයෙන් ගොඩ ගැනීමට එකතු වන්න යැයි ද හෙතෙම ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
අද (15) ජනාධිපතිවරණ නාම යෝජනා භාර දීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම් සභා කර්යාලය අසල දී මාධ්‍ය අමතමින් ජනක රත්නායක මේ බව කීය.