අ’පුර බන්ධනාගාරයේ ගැටුමක්! අයෙක් මිය යයි!

March 21, 2020 at 8:09 pm | by emanisa.lk

අනුරාධපුර බන්ධනාගාරයේ නොසන්සුන්තාවක් අතරතුර ඇති වූ ගැටුමකින් එක් රැඳවියෙකු මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

ගැටුම පාලනය සඳහා පොලිසිය විශේෂ කාර්ය බලකාය සහ ගිනි නිවන හමුදාව කැඳවා තිබේ.

රැඳවියන් බන්ධනාගාරය තුළ කලහකාරී ලෙස හැසිරෙමින් පිටතට ගල් ප්‍රහාර එල්ල කරන අතර ඇතුළත යම් ගිනි තැබීමක් සිදුකර ඇති බව ද වාර්තා වෙයි.

කොරෝනා රෝගියෙකු බවට සැකකෙරෙන රැඳවූවෙකු මීට දින කිහිපයකට පෙර මෙම බන්ධනාගාරයෙන් හඳුනාගැනුණු අතර ඔහුව ප්‍රතිකාර සඳහා රෝහල්ගත කෙරුණි.

එම සිද්ධියත් සමඟ බන්ධනාගාරයේ රැඳවියන් අද නොසන්සුන්කාරී ලෙස හැසිරුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *