ලෝක ප්‍රසිද්ධ ඇබා සංගීත කණ්ඩායම ලංකාවට පැමිණීම විශාල ගෞරවයක් බව අමාත්‍ය විජිත හේරත් පවසයි.
සංචාරක ඇමැතිවරයා ලෙස රට වෙනුවෙන් එය ප්‍රවර්ධනය සඳහා තමන් ඊට සහභාගී වූ බවයි, ඇමැතිවරයා ප්‍රකාශ කළේ.
පාසල් යන සමයේ සිටම ඇබා සහ බොනියම් ගීත රස විඳින බවත් වාහනයේ ඇබා සීඩී පටයක් ඇති බවත් ඔහු සඳහන් කරයි.
ඒවා තමන්ට අලුත් දේවල් නොවුණ ද ඒවා මැජික් බවට පත් වූ අය පුදුම වී යම් යම් ප්‍රකාශ නිකුත් කරන බව ද ඇමති විජිත හේරත් පෙන්වා දෙයි.
නඩු කටයුත්තක් සඳහා කට උත්තර ලබා දීමට අද (29) උසාවියට පැමිණි අවස්ථාවේ මාධ්‍ය ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඇමැතිවරයා මේ බව කීය.