අද ළිපේ ගින්දර නොමැති බවත් ගින්දර ඇත්තේ මිනිසුන්ගේ හදවතේ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
පොහොට්ටු ආණ්ඩුව මේ රටට සිදුකළ මහා විනාශයේ වග උත්තරකරුවන් දැන් ඉල්ලා අස්වෙමින් යන බවත් හෙතෙම ප්‍රකාශ කරයි.
එලෙස ඉල්ලා අස්වුව ද හැමදාම ජනතාවගෙන් සැඟව සිටිය නොහැකි බව ද විපක්ෂ නායකවරයා ඔවුන්ට ජනතාව ඉදිරියට යා නොහැකි බව ද ප්‍රකාශ කළේය.
හෙතෙම මේ බව ප්‍රකාශ කළේ, අම්බලන්තොට නගරයේ ජනතාව දැනුම්වත් කරන වැඩසටහනකට එකතු වීමෙන් පසුය.
තමන් රැවටුණු බවත් තවත් මේ දුක විඳිය නොමැකි බවත් සඳහන් කළ ජනතාව වහා ම රට භාර ගන්නා ලෙස විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටියේ ය.