අපි හරි පාරට වැටිලා නම් ඉස්සරහට අමාරු වෙයි..! – රනිල්…

June 14, 2022 at 3:31 pm | by emanisa.lk

2019 වසරේ තිබූ බඩු මිල නැවත ගන්නට නොහැකි යැයි ද කළ හැකි එකම දේ ක්‍රමානුකූලව ආදායම වැඩි කිරීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

තරුණයන්ට බලාපොරොත්තු තබාගත හැකි රටක් ගොඩනැඟීම සඳහා තමා බාරගත් අභියෝගය ඉටුකරන බව කී අග්‍රාමාත්‍යවරයා මේ වසරේ දී බැරි වුවත් 2024 වසරේ සිට බලාපොරොත්තු සහගතව ඉදිරියට යාම ඇරඹීමට හැකි වන බව ද සඳහන් කළේය.

තරුණ වෘත්තීයවේදීන් සහ විශ්වවිද්‍යාල සිසුන් සමඟ සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවක දී තරුණයන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසුවේ, හැමදාම මෙසේ වැටිලා ඉන්න උවමනා නැති බවයි

“අපි නියම මාර්ගයේ යනවා නම් මේ අවුරුද්ද අමාරු වෙයි. නමුත් 2024 වසරේ සිට අපට බලාපොරොත්තු සහගතව ඉදිරියට යන්න පුළුවන්. 2023 වසරේ දීත් මේ වසරට වඩා කුඩා දියුණුවක් අපට පෙනේවි. 2025 වසර වන විට අපේ ගමන ආරම්භ කරන්න පුළුවන්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *