අපි ශ්‍රීපාද නායක හාමුදුරුවන්ගේ ආශීර්වාදයත් අරගෙන ශ්‍රීපාදය සිවනොලි පාද මලෙයි කරනවා!

March 9, 2019 at 9:50 am | by admin

ශ්‍රීපාද හැටන් මාර්ගයේ නල්ලතන්නිය පාලමට ඉහළින් ශ්‍රීපාද පියගැටපළෙ ආරම්භ වන ස්ථානයේ ශ්‍රීපාදස්ථානයට අගෞරවයක් නොවන ආකාරයට සිංහල සහ දෙමළ භාෂාවෙන් පමණක් නාම පුවරුවක් සවි කිරීමට කටයුතු කරන බව මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිනි ගෝවින්දන් සෙම්බගවල්ලි පවසයි.

දැනට එම මාර්ගයේ වම් පසින් ගෞතම ශ්‍රීපාදස්ථානය යනුවෙන් ද දෙමළ භාෂාවෙන් ගෞතම බුදු රජානන් වහන්සේගේ සිරිපතුළ (ගෞතම බුද්ධ භගවානින් ශ්‍රීපාදස්ථානම්) යනුවෙන් ද සඳහන් වෙයි.

මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිනිය පවසන්නේ මෙම හැඳින්වීම දෙමළ ජනතාවට නොවැටහෙන බවත් දෙමළ ජනතාව ශ්‍රීපාදන හඳුන්වන්නේ සිවනොලි පාද මලෙයි යනුවෙන් නිසා ශ්‍රීපාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න හිමි දැනුම්වත් කර දෙමළ බසින් සිවනොලි පාද මලෙයි යනුවෙන් දෙමළ භාෂාවෙන් නම් කරන බවය. මේ වන විටත් අදාළ පුවරුව ඉදිකිරීම් ආරම්භ කර ඇතැයි ඇය පවසයි. ඡායාරූපයේ ශ්‍රීපාද මාවතට දකුණු පසින් ඉදි කර වසා ඇත්තේ එම නව පුරුවයි!

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *