අපි විනයක් ඇති රජයක් බව ලොහාන්ගේ ඉල්ලා අස්වීමෙන් පේනවා…! – ජොන්ස්ටන්…

September 19, 2021 at 12:20 pm | by emanisa.lk

සජිත් ප්‍රේමදාස කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කළ ද ඉල්ලා අස්වූයේ නැති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

“මම හිතන්නේ බන්ධනාගාර රාජ්‍ය ඇමතිතුමා හැටියට එතුමාට එල්ලුම්ගහ බලන්න යන්න අයිතියක් තිබෙනවා. මේ විදිහට අමාත්‍යවරයකුගේ ඉල්ලා අස්වීමක් පලවෙනි වතාවට සිදු වුණා කියන එක වඩාත් නිවැරදියි.

ලෝකයේ විවිධ රටවල එහෙම වෙලා ඇති. එදා කිව්වේ වරදක් සිදු වුණා ම වෙනත් රටවල අය නම් ඉල්ලා අස්වෙනවා, මෙහෙ අය එහෙම ඉල්ලා අස්වෙන්නේ නැහැ කියලා. දැන් ඉල්ලා අස් වුණහම කියනවා ඊටත් වඩා නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. ලොහාන් රත්වත්ත ඇමතිතුමාව ජනාධිපතිතුමා තමයි පත් කළේ.

එතුමා වැරැද්දක් කරා කියලා මාධ්‍යය ප්‍රචාරය කලා. ඒ නිසා එතුමා ඉල්ලා අස් උනා. මේක ඉතාමත් හොඳ දෙයක්. එදා මහ බැංකුව කඩපු අය ඉල්ලා අස් වුණේ නැහැනේ. ප්‍රේමදාස මහත්තයා කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කළා කියලා එතුමා ඉල්ලා අස් වුණා ද?

තමන්ගේ සේවකයෝ ගිහිල්ලා නෝනගේ සැලුන් එකේ වැඩ කෙරුවා කියලා ප්‍රේමදාස මහත්තයා අඩුම ගානෙ සමාවවත් ගත්තද? ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජයක් යටතේ මෙවැනි දෙයක් සිදු වුණ එක ගොඩක් හොද දෙයක්. අපි විනයක් ඇති රජයක්.”

පාමංකඩ ප්‍රදේශයේ පැවැති පැල සිටුවීමේ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මෙසේ කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *