මේ වෙලාවේ අපි වැඩ කරන්න ඕන විදිහ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ කියල දුන්නා….! – විපක්ෂ මන්ත්‍රී…

July 2, 2021 at 11:23 pm | by emanisa.lk

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක තබන ලද ෆේස්බුක් සටහනක් පහත දැක්වෙයි.

නාරාහේන්පිට ශ්‍රී අභයාරාම විහාරස්ථානයට ගොස් පූජ්‍ය මුරුත්තෙට්‍ටුවේ ආනන්ද හිමියන් බැහැ දැක රටේ වත්මන් දේශපාලන තත්ත්වය ගැන අදහස් හුවමාරු කරගත්තා.

පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ විපක්ෂයේ කාර්‍යභාරය පිළිබඳ උන්වහන්සේ සිය අදහස් සහ අනුශාසනා ලබා දුන් අතර අප ද අපගේ වැඩපිළිවෙල පිළිබඳ උන්වහන්සේ දැනුවත් කළා.

දිවංගත මාගේ පියාණන් සමඟ උන්වහන්සේ සමීපව කටයුතු කල අකාරය මතක් කළ අතර, උන්වහන්සේගේ මැණියන්ගේ අවමංගල්‍යය සහභාගී වී එම දේහය රැගෙන යාමට මාගේ පියාණන් එක්විම ගැන ද මා හට මතක් කරන ලදි.

මේ සඳහා සමගි තරුණ බලවේගයේ ප්‍රචාරක ලේකම් රසික ජයකොඩි ද සහභාගි වුණා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *