අපි වැඩබිමක් කළ රට අද මුඩුබිමක් කළ ආණ්ඩුව, බාල එන්නත් ගහලා ඡන්දෙට යන්න හදනවා….! – මරික්කාර්…

July 30, 2021 at 11:19 am | by emanisa.lk

යහපාලන ආණ්ඩුව වැඩබිමක් බවට පත්කළ රට මේ වන විට මුඩු බිමක් බවට පත්ව ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි.

වර්තමාන ඩෙල්ටා ඇතුළු භයානක කොවිඩ් ප්‍රභේදවලට සාර්ථක ලෙස ප්‍රතිචාර දක්වන බව මෙතෙක් සනාථ කර නැති සිනොවැක් එන්නත් මිලියන 13ක් ගෙන ඒමට සූදානම් වන බවට ද ඔහු චෝදනා කරයි.

මේ වන විට ඩෙල්ටා ඇතුළු ප්‍රභේද සඳහා ඉතා හොඳින් ප්‍රතිචාර දක්වන සිනොෆාම් එන්නත ඩොලර් 07 බැගින් මිලට ගන්නා පසුබිමක සිනොවැක්ස් එන්නත ඩොලර් 15 බැගින් මිලයට ගැනීමට සූදානමක් ඇති බව ද මරික්කාර් හෙළි කරයි.

ආණ්ඩුව සූදානම් වන්නේ බාල එන්නත් තොගයක් ගෙනැවිත් ජනතාවට විද අපි තමයි හොඳට ම කළේ කියා මැතිවරණයකට යාමට දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස