අපි ලක්ෂ 4කට ෆ්‍රී වයිපයි දුන්නා!

March 7, 2019 at 8:01 am | by admin

දිවයිනේ ප්‍රදේශ 1176 ක් ආවරණය වන පරිදි නොමිලේ වයිෆයි පහසුකම් මේ වන විට රජය සමත්වී ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය කියා සිටී.

දුම්රිය සථාන / බස් නවතුම්පොළ / පුස්තකාල හා වෙනත් පොදු ස්ථාන කේන්ද්‍ර කරගනිමින් මෙම සේවාව ක්‍රියාත්මක වෙයි. මෙම සේවාව යටතේ එක් පුද්ගලයෙකුට මෙගාබයිට් 100 ක දත්ත ප්‍රමාණයක් මසකට ලබා ගත හැකිය.

2019 වර්ෂයේ පෙබරවාරි මාසය වන විට අදාළ ප්‍රදේශ 1176 ආවරණය කරමින් පරිශිලකයන් හාර ලක්ෂ පනස් පන් දහස් හත්සිය හතලිස් එකක් මෙම ෆ්‍රී වයිෆයි සේවාව භාවිත කර ඇති එම නිවේදනයෙහි සඳහන්ය.

තරුණ පරපුරට අන්තර්ජාලයේ නිදහසේ සැරිසරන්නට නොමිලේ වයිපයි ලබා දීම යහපාලන ආණ්ඩුවේ බොහෝ ජනප්‍රිය කඩවුණු පොරොන්දුවකි. වරක් එවක ඩිජිටල් ඇමති හරීන් ප්‍රනාන්දු පැවසුවේ ජාත්‍යන්තර විදුලි සංදේශ වෘත්තීය සමිති සම්මේලනයේ වාරණයක් නිසා ගූගල් බැලූන් මගින් වයිෆයි ලබා දීම කළ නොහැකි වූ බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස