අනුප්‍රාප්තික ජනාධිපති ඡන්දයේදී රනිල් වික්‍රමසිංහට ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කළේ ඔහු සමග පැවති සාකච්ඡාවේදී එකඟ වූ කරුණු අනුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.
දැන් එම එකඟතා ඉටු කිරීම ජනාධිපතිවරයාගේ වගකීමක් බවයි, ඔහු අවධාරණය කළේ.
රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස කටයුතු කරද්දී පැවැති මෙම සාකච්ඡාවේ දී දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඔහු වෙත ඉදිරිපත් කර ඇති අතර එම ඉල්ලීම් ඉටු කිරීමට ඔහු පොරොන්දු වූ බවයි, විග්නේෂ්වරන් පෙන්වා දෙන්නේ.
ඊයේ (08) ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට සහභාගී වීම සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.