අපි යන්නේ කුළී වාහනවල…! වාහන ⁣බලපත් නොදීම අසාධාරණයි…! දැන්වත් දෙන්න..! – පසුපෙළ මන්ත්‍රීවරු…

November 27, 2021 at 2:00 pm | by emanisa.lk

තමනට වාහන බලපත්‍ර ලබාදීමට ඉක්මනින් කටයුතු කරන ලෙස පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් කතානායකවරයාගෙන් නැවතත් ඉල්ලීමක් කර තිබේ.

කෙසේ වෙතත් කතානායකවරයා ඔවුන්ට පෙන්වා දී ඇත්තේ පවතින ආර්ථික තත්ත්වය යටතේ තවත් වසර කිහිපයක් ඒ සඳහා බලා සිටීමට සිදු ඇති බවයි.

කකොවිඩ් ව්‍යාප්තියත් සමග මෙරටට වාහන ආනයනය කිරීම අත්හිටුවීමට රජය තීරණය කර ඇති අතර මන්ත්‍රීවරුන්ටද බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කිරීම ද ඒ සමගම අත්හිටුවනු ලැබීය.

මේ හේතුවෙන් තමනට අසාධාරණයක් සිදු වූ බව පාර්ලිමේන්තුවේ පසුපෙළ නවක මන්ත්‍රීවරු දිගින් දිගට ම සඳහන් කරති.

ඇතැමුන් සඳහන් කරන්නේ තමන් පාර්ලිමේන්තු පවා එන්නේ කුලියට ගත් වාහනවලින් බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *