සිය ආණ්ඩුව විසින් තිස් අවුරුදු ශාපලත් යුද්ධයෙන් මුදාගත් රට යහපාලන ආණ්ඩුව නැවත ත්‍රස්තවාදයට බිලිදුන් බව අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ අද (09) කුරුණෑගල, කටුගම්පොළ ජනහමුවකට එකතු වෙමිනි.
“අපේ ආණ්ඩුව 2009 අවුරුද්දේ තිස් වසරක් ඇදුණු ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් අවසන් කළා. නමුත් යහපාලන ආණ්ඩුව බලයට ඇවිත් නැවත වතාවක් රටේ ත්‍රස්තවාදයක් ඇති කරන්න ඉඩ දුන්නා.
යහපාල ආණ්ඩුවේ නායකයන්ට බුද්ධි අංශ පාස්කු ප්‍රහාරය පිළිබඳ සියලු තොරතුරු වාර්තා කළා. ආණ්ඩුව බුද්ධි අංශ නිලධාරීන් ගෙදර යැව්වා. පූර්ව අනතුරු ඇඟවීම් සියල්ල වසං කළා. පාලකයන්ගේ මේ වැරදිවලට අහිසංක ජනතාව ජීවිතවලින් වන්දි ගෙව්වා.
මම නියෝජනය කරන කුරුණෑගල කියන්නේ රාජධානි හතරක් පැවති බොහොම බලසම්පන්න දිස්ත්‍රික්කයක්. කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරන්න අපි සැලසුම් කරලා ඉවරයි. ජනතා ගැටළු ගැන අපට බොහොම හොඳ අවබෝධයක් තියෙනවා. නමුත් දිස්ත්‍රික්කයකට සීමා නොවී මුළු රටම සංවර්ධනය කිරීම තමයි, අපේ වගකීම.
ඒ සඳහා ජනාධිපතිවරයා රටට ලබා දුන් පොරොන්දු ඉටුකරන්න පුළුවන් පාර්ලිමේන්තුවක් තිබිය යුතුයි. ජනාධිපතිවරයා නියෝජනය කරන පක්ෂයෙන් තමයි, හැම විටම ආණ්ඩුවක් පත් කළ යුත්තේ.”