අපි මේ අවුරුද්දේ 144kmක අධිවේගී මාර්ග රටට දෙනවා! මහින්ද අවුරුදු 10ටම හැදුවේ 176km විතරයි! – ඇසට නොපෙනෙන සංවර්ධනය ඇමති කබීර් හෙළි කරයි..

March 31, 2019 at 7:40 am | by admin

මේ වසර අවසානයේදි අධිවේගී මාර්ග කිලෝ මීටර් 144ක් ජනතා අයිතියට පත්කරන බව මහා මාර්ග හා ඛණිජ තෙල් සම්පත් අමාත්‍ය කබීර් හෂීම් සඳහන් කළේය.

ඊයේ (29දා) අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. මහින්ද රාජපක්ෂ පාලන කාලයේදි ඔහුට ඉදිකිරිමට හැකිවූයේ අධිවේගි මාර්ග කිලෝමිටර් 176ක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

වත්මන් ආණ්ඩුව වසර තුනකුත් මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ මෙම කිලෝමීටර් 144 ඉදිකර අවසන් කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

කෙසේ වුවද නුවර කොළඹ අධිවේගී මාර්ගය තැනීමට ආධාර ලබා දෙන ජපානය අල්ලස් වංචා දූෂණ වැළැක්වීමට පැනවූ කොන්දේසියක් නිසා එම මාර්ගය විවෘත කිරීම තවත් වසර 5කින් පමා වන නිසාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *